අපගේ දැක්ම

මහජනතාවට විශිෂ්ඨ සේවාවක් ඉටුකරදී අභිමානවත් රාජ්‍ය සේවාවක් කරා පිය නැගීමට වෙර දරමු.

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් නිදහස ලැබීමත් සමගම, එනම් 1948 දී එවකට බ්‍රිතාන්‍යයන් විසින් පරිපාලන කටයුතු ශ්‍රි ලාංකිකයන්ට භාර දීමත් සමගම හෝමාගම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ටාශයේ මූලාරම්භයට පදනම සැකසී ඇත. එවකට ප්‍රාෙද්ශීය පරිපාලන ඒකක ගොඩනගා ඇත්තේ ආදායම් නිලධාරී මට්ටමෙනි. නිදහස ලැබීමට පෙර එම තනතුර මුදලි යන නමින් ව්‍යවහර වූ බව පැවසේ. කෙසේ වෙතත් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුලින්ම ආරම්භ වී ඇත්තේ හේවාගම් කෝරලයේ ආදායම් නිලධාරී කොට්ඨාශය ලෙසිනි. හේවාගම් කෝරළයේ ප්‍රථම ආදායම් නිලධාරී වශයෙන් සේවය කොට ඇත්තේ පීටර් සී.අබේසේකර මහතායි. ආදායම් නිලධාරී කාර්යාලය පිහිටුවා ඇත්තේ දැනට හෝමාගම මාවත්ගම අංක 05 දරණ ස්ථානයේය. එය කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් වන අතර නවීකරණය කරන ලද එම ගොඩනැගිල්ල වර්තමානයේද දක්නට ඇත. වර්තමාන ‍ගොඩනැගිල්‍‍ලේ ඡායාරූපයක් ‍මෙහි දක්වා ඇත.

නැවත 1949 වස‍රේදී ආදායම් නිලධාරී කාර්යාලය වර්තමාන‍යේ ගබඩාවත්ත නමින් හැඳින්‍‍වෙන ප්‍රදේශ‍යේ සිල්වර් හර්ස්ටන් වත්‍තේ පිහිටි බංගලාවට මාරු ‍කොට ඇත.

පසුව හංවැල්ල, පාදුක්ක සහ අවිස්සා‍වේල්ල යන ප්‍රදේශ ඇතුලත්ව නැ‍ගෙනහිර ‍හේවාගම් ‍කෝරළය ‍වෙන්ව යා‍මෙන් අනතුරුව ‍හෝමාගම ප්‍රදේශය මූලික ‍කොට ගත් බටහිර ‍හේවාගම් ‍කෝරළය ආදායම් නිලධාරී ‍කොට්ඨාශය 1963 වස‍රේදී ‍හෝමාගම කටුවාන පා‍රේ අංක 1/1 ස්ථාන‍යේ පිහිටුවා ඇත. වර්තමාන‍යේ ‍මෙම ‍ගොඩනැගිල්ල ‍හෝමාගම ජනාධිපති විද්‍යාලයට අයත් වන අතර එහි ඡායාරූපයක් ‍මේ සමග පල ‍වේ.

1963 වස‍රේදී බටහිර ‍හේවාගම් ‍කෝරළ‍යේ ප්‍රාදේශීය ආදායම් නිලධාරී වශ‍යෙන් ‍සේවය ‍කොට ඇත්‍තේ එල්.ඒ.ව්‍ජේරත්න නැමැති මහ‍තෙකි. ඉන් පසුව විතානච්චි නැමති මහ‍තෙකුත් ආර්.ඒ.සී.‍පෙ‍රේරා නමැති මහ‍තෙකුත් පසුව අර්සකුලසූරිය නමැති මහ‍තෙකුත් ‍මෙම තනතු‍රෙහි ‍සේවය කර ‍මෙම තනතු‍රෙහි ‍සේවය ‍කොට ඇත. 1970 වසර වන විට ‍මෙම තනතුර දරා ඇත්‍තේ ටී.සී.මහින්ද මහතාය.

නැවත 1973 වස‍රේදී ප්‍රාදේශීය ආදායම් නිලධාරී කාර්යාලය ‍හෝමාගම කටුවාන පා‍රේ අංක 232 හි පිහිටි දැනට ‍සෙ‍නෙවිරත්න ප්‍රින්ටර්ස් ආයතනය පිහිටා ඇති ‍ගොඩනැගිල්ලට ‍ගෙන එන ලදී. එකල ග්‍රාම නිලධාරී වසම් 34ක් තිබී ඇති අතර එම වසම් භූමි පුමාණය ඉතා විශාල වුවත් ජනගහණය සැලක්ය යුතු තරම් නොවීය එකල සේවය කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අනුව කාර්යාල රාජකාරීන්ද අධික නොවීය.

1975 වසර රාජ්‍ය සේවයේ වෙනස්වීම් වලට භාජනය වූ වසරක් විය. එතෙක් ප්‍රාෙද්ශීය ආදායම් නිලධාරී වශයෙන් හැඳින්වූ තනතුර සහකාර ආණ්ඩුවේ ඒජන්ත නමින් වෙනස් වූ අතර ප්‍රාෙද්ශීය ආදායම් නිලධාරී කාර්යාලය උපදිසාපති කාර්යාලය නමින් වෙනස් විය. මේ වන විට බටහිර හේවාගම් කෝරලයේ ප්‍රාෙද්ශීය ආදායම් නිලධාරී තනතුර දැරූ ඊ ජිනදාස මහතා හෝමාගම උප දිසාපත් කොට්ඨාශයේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත නැමති තනතුරට මාරු කරන ලදී.

නැවත 1976 වසරේදී හෝමාගම උප දිසාපති කොට්ඨාශයෙන් ග්‍රාම නිලධාරී වසම්කීපයක් කඩුවෙල උප දිසාපති කොට්ඨාශයට කැඩුණු අතර පසුව තවත් වසම් කීපයක් මහරගම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයට කැඩුණී.

මෙම වසරේදීම කලින් තිබූ ස්ථානයෙන් නැවත හෝමාගම උසාවිය පාරේ වර්තමාන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය පිහිටුවා තිබෙන ස්ථානයේම තිබූ තානායම් ගොඩනැගිල්ලට කාර්යාලය ගෙන එන ලදී. මේ වන විට කාර්යාලයේ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.

  1. 1. සහකාර ආණ්ඩුවේ ඒජන්ත
  2. 11. ප්‍රධාන ලිපිකරු
  3. 111. ආහාර පාලන අංශයේ ලිපිකරු 2 කා.කා.ස.1

1ν. බලපත්‍ර ලිපිකරු 1

ν. ඉඩම් නිලධාරී 1 ලිපිකරු 1

ν1. විවිධ ලිපිකරු 1

ν11. ස.සේ.නිලධාරී 1 ලිපිකරු 1

1987 වසරේ ජූලි මස (කල් ජූලිය) සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවීම් අතර හෝමාගම උපදිසාපති කාර්යාලයටද අලාභ හානි සිදුවිණි. කිසියම් පිරිසක් විසින් කාර්යාල ගොඩනැගිල්ල ගිණිබත් කරන ලද අතර නැවත කාර්යාල කටයුතු ආරම්භ කරන ලද්දේ යාබද ඉඩමේ තිබූ සහකාර ආණ්ඩුවේ ඒජන්ත නිල නිවසේය. මෙම කාල වකවානුවේ කාර්යාලයේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත ධුරය දරන ලද්දේ ඩී.ඒ.කලුබෝවිල මහතායි.

ගිනි තබන ලද කාර්යාලය වෙනුවට අභිනවයෙන් ඉදි කරන ලද ගොඩනැගිල්ල 1992 වසරේ ඔක්තෝම්බර් මස 12 වන දින පාරිසරික හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය එම්.වින්සන්ට් පෙරේරා මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය පෙස්ටන් පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අතර වර්තමානයේද භාවිතා කරන්නේ නැවත 1999 වසරේ මාර්තු මස 02 දින රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නවීකරණය කරන ලද එම ගොඩනැගිල්ලයි.

වර්තමානයේ මෙම කාර්යාලයේ සේවය කරන කාර්ය මණ්ඩල සහ සේවා අංශ වෙනත් පිටුවක සඳහන් වේ.

.

1985 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඩී.ඒ. කලුබෝවිල 1985 1987
කැල්වින් ගුණවර්ධන 1988 1990
ටී.එච්. අබයවික්‍රම 1990 1992/07
මැක්සි පෙරේරා 1992/08/13 1995/08/28
ඩී.ඒ. එදිරිසූරිය 1998/08/28 2001/10/03
ඒ.ජේ. කරුණාරත්න 2001/10/12 2012/06/15
ප්‍රදීප් යසරත්න 2012/10/01 2013/09/30
ජී.එස්.කේ. කන්නන්ගර 201311/18 2018/03/02
බුද්ධි තරංගා කරුණාසේන (වැ.බ.) 2018.03.02 2018.05.04
බුද්ධි තරංගා කරුණාසේන 2018.05.04  
     
     

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top