හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.07.14 ප.ව.2.00 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මේ සඳහා හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අරුණ පනාගොඩ මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් මන්ත්‍රීතුමන්ලා හා තුමියන්ලා ද ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රම සම්පාදන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද සහභාගී විය.














