සමෘද්ධි Fm වප් පුර පසලොස්වක ( 20 ) පෝදා සදහම් චාරිකාව හෝමාගම කහතුඩුව ශ්‍රී සමන් මල් විහාරස්ථානයේ සිට උදෑසන අටසිල් සමාදන් වීමේ සිට ධර්මදේශනා ඇතුළු සවස බෝධි පූජා පිංකම දක්වා සියළු ආගමික වැඩසටහන් මාලාව සජීව විකාශනය කෙරින.
කහතුඩුව සමන් මල් විහාරස්ථ දායක සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි අංශය , පොල්ගස්ඕවිට සමෘද්ධි බැංකුව, කහතුඩුව නැගෙනහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී චන්දි මේනකා මහත්මිය ප්රමුඛ කහතුඩුව නැගෙනහිර ප්‍රජා මූල සංවිධානය හා කහතුඩුව සුඛිත මිතුරු කැලගේ සංවිධාන ශක්තියෙන් පෝදා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මාධ්‍ය අංශ ප්‍රධානී සේනක උබේසිංහ මහතා,කොළඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ අශෝක කුමාර මහතා, හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා , හෝමාගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති කලමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය , පොල්ගස්ඕවිට සමෘද්ධි බැංකු කලමණාකරු පෙරෝෂා සංජීවනී වේවැල්වල මහත්මිය, සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීති සහකාර කලමණාකරු නිලන්ති උඩුවන මහත්මිය, කහතුඩුව නැගෙනහිර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී චන්දි මේනකා මහත්මිය ප්රමුඛ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මඩුල්ල , පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයේ බැංකු හා ක්ෂෙත්ර සමෘද්ධි සංවර්ධන නිලධාරීන් , විහාරස්ථ දායක සභාවේ සමාජිකයින් හා කහතුඩුව සුඛිත මිතුරු කැලෙහි සාමාජිකයින් පෝදා වැඩසටහන සදහා සම්බන්ධ වූහ.



















