ගම සමග පිළිසදරක්  - අයවැයෙන් වැඩ ලක්ෂයක්  ග්‍රාමීය සංවර්ධන  රජයේ වැඩසටහනට සමගාමීව   හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් අසූ එක ( 81 )   නියෝජනය  වන පරිදි ජීවනෝපාය සංවර්ධන හා යටිතල සංවර්ධන පහසුකම් සැපයීමේ ව්‍යාපෘති එකසිය අසූදෙකක් ( 182 ) උත්සවාකාරයෙන්  ආරම්භ කෙරුනේ    2022 පෙබරවාරි මස 03 වනදා පෙ.ව. 8.52 ට යෙදුණු සුභ මොහොතින් .

 

මීට සමගාමීව මත්තෙගොඩ නැගෙනහිර පස්වන පටුමග  පැති බැම්ම සකස් කිරීම ප්‍රධානව ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ව්‍යාපෘති ආරම්භ කිරීම  ⁣හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේ ගරු සභාපති කැබිනට් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ  ප්‍රදානත්වයෙන්   සිදුවිය.

ප්‍රාදේශීය සභා⁣වේ ගරු සභාපති සම්පත් චමින්ද ජයසිංහ  මහතා ,  උප සභාපති බන්දුල රන්ජන් ඉලේපෙරුම මහතා  ප්‍රමුඛ  කොට්ඨාසයේ සියළුම මහජන  නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සියළුම මාණ්ඩලික නිලධාරීන් , ග්‍රාමීය මට්ටමේ සියළුම ක්ෂෙත්‍ර රාජ්‍ය නිලධාරීන්ගේ   හා ග්‍රාමීය ප්‍රජාවගේ  සහභාගිත්වයෙන්   සියළු  ව්‍යාපෘති  ආරම්භ  කිරීම සිදුවිය.

ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී .චින්තක මහතාගේ  උපදෙස් හා මගපෙන්වීම මත කාර්යාලයීය සැලසුම් අංශයේ අධීක්ෂණයෙන්   මෙම ව්‍යාපෘති  ක්‍රියාවට නැන්වේ.

 

1G

2G

3G

4G

5

6G

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top