හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්  මත්තේගොඩ විද්‍යාාදීප  මහා විද්‍යාලයේ 9 හා 10 ශ්‍රේණි වල සිසු  දරුවන් ගේ කුසලතා පාදක  කරගනිමින්  කණ්ඩායම්  ක්‍රියාකාරකම් සමගින්  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ   වැඩසටහනක්  

ඉකුත් දිනවල දී   පැවැත්වුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ  අධ්‍යාපන හා පුහුණු අංශයේ  තොරතුරු නිලධාරිනී  ප්‍රියදර්ශනී රත්නායක මෙනවියගේ හා මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන් උදාන මහතාගේ  සම්පත් දායකත්වයෙන්.

  මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයීය විදුහල්පතිනිය   ප්‍රමුඛ  ආචාර්යය මණ්ඩලය ද  මෙම වැඩසටහන ට එක්වුනා.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ  උපදෙස් මත   හෝමාගම  බහු කාර්ය සංවර්ධන නිලධාරී රෝහණ වීරසිංහ මහතාගේ අධීක්ෂණයෙන්   මත්ද්‍රව්‍ය නිවාරණ  සහායක රශී  ප්‍රභා වෙල්ගෙදර මහත්මිය විසින් මෙම වැඩසටහන් සංවිධානය කරනු ලැබුවා.

1DrugApril

2DrugApril

3DrugApril

4DrugApril

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top