හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ යුධහමුදා ප්‍රාථමික විද්‍යලයීය සිසු දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා පැවැත්වුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ මනෝ විද්‍යාඥ භාග්‍ය අබේසිංහ මහත්මියගේ සම්පත් දායකත්වයෙන්.
පනාගොඩ යුධ හමුදා ප්‍රාථමික විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් ද මෙම වැඩසටහනට සම්බන්ධ වූහ.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙලගෙදර මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා.


















