ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ දිනය යෙදෙන ජුනි මස 26 වන දිනට සමගාමීව හෝමාගම ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ කාර්යය මණ්ඩලය සදහා මත්ද්‍රව්‍ය ගැටලුව පවතින වර්තමාන තත්වය, බලපෑම සහ ප්‍රතිකාර පිළිබඳව දැනුවත් කිරීමේ සහ සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ජුනි 21 දිනදී සිදුකෙරුනේ හෝමාගම ඩිපෝවේ දී.
මෙහිදී 1927 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ප්‍රචාරණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා සෘජුව සම්බන්ධ විය හැකි තොරතුරු ඇතුළත් දැන්වීම් පත්‍රිකාවක් බෙදා දීම සිදු කරන ලදී.
මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බාහිර සේවා සහ උපදේශන නිලධාරී (මත්ද්‍රව්‍ය ) පී.ඒ.එන්. පද්මසිරි මහත්මිය විසින් ලබාදුන් අතර සංවර්ධන නිලධාරි ගිෂානි උමේංගා මහත්මිය සංවිධාන සහායද මත්ද්‍රව්‍ය නිවාරණ සහයක දිනේෂ් ප්‍රියසාද් මහතා වැඩසටහන සදහා සහය දක්වන ලදී.



















