හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසැලේ 9 ශ්‍රේණියේ සිසු දරුවන් සදහා කුසලතා පාදක කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් 22 දිනදී සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු සහකාර සුපුන් උදාන මහතාගේ සම්පත් දායකත්වයෙන්.
පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ විදුහල්පති තුමා ප්‍රමුඛ ආචාර්යය මණ්ඩලයේ ගුරු භවතුන් ද මෙම වැඩසටහනට සම්බන්ධ විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා .




















