හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආටිගල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය සැලැස්ම සැකසීමේ වැඩසටහන හා වගා නොකරන ඉඩම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ වැඩසටහනක් ආටිගල නැගෙනහිර විහාරස්ථානයෙදී සහකාර අධ්‍යක්ෂ ඉඩම් පරිහරණය සැලැසුම් නිලධාරීගේ මූලිකත්වයෙන් පැවැත්වූයේ ජුනි 22 දින දී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ඉඩම් පරිහරණ නිලධාරී , ආයුර්වේද සංවර්ධන නිලධාරී , ඵලදායිතා නිලධාරී සම්බන්ධ වූ අතර වැඩසටහන සංවිධානය ආටිගල නැගෙනහිර ග්‍රාම නිලධාරී හා සංවර්ධන නිලධාරී විසින් සිදු කරන ලදී .



















