සාමකාමී පවුලක හා සමාජයක ඇති වටිනාකම හා ආරවුල්වලින් තොර සමාජයක් පවත්වා ගැනීමේ වටිනාකම, සමථ මණ්ඩලයෙහි කාර්‍යභාර්ය ,ආරවුල් නිරවුල්කරණයට සමථකරණය යන ප්‍රස්ථුත කේන්ද්‍ර කරගනිමින්ද, එළැඹෙන ආහාර අර්බුදය සදහා ගෙවතු වගා කටයුතු සිදු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් හෝමාගම උතුර,දකුණ,නැගෙනහිර හා බටහිර වසම් ආවරණය වන පරිදි ජුනි 26 වෙනිදා සණස සමීති සාමාජිකයින් දැනුවත් කිරීමක් සිදුකෙරුනේ හෝමාගම උතුර සණස සමීති ශාලාවේදී .
මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමථ සංවර්ධන නිලධාරනී හිමාලි කටුගම්පල මහත්මිය විසින් .



















