හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෝමාගම ජනාධිපති විද්‍යාලයේ අටවන ( 8 ) ශ්‍රේණියේ සිසු දරුවන් සදහා " වර්තමාන අභියෝග හමුවේ " අගය කළයුතු දරුවෙකු වන්නේ තෙසේද ? " යන්න පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සහකාර ප්‍රාදේශීය ලේකම් බී .එස් .කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුනේ ඉකුත් 27 දිනදී ජනාධිපති විද්‍යාලයීය ශාලාවේදී .
වර්තමාන අර්බුදකාරි තත්වය හමුවේ දරුවන්ගේ කාර්යභාරය සහ සංවර්ධනය, ආරක්ෂාව සම්බන්ධව පාසැල් සිසුන් දැනුවත් කිරීමට සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී තේජන්ති වීරසේන මහත්මිය විසින් .
හෝමාගම ජනාධිපති විද්‍යාලයීය විදුහල්පති නිහාල් පද්මසිරි මහතා ප්රමුඛ ආචාර්යය මණ්ඩලයේ ගුරු භවතුන්ගේ සහායද මීට ලැබුණි .
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියන් වන තේජන්ති වීරසේන හා ධම්මිකා ස්වර්ණසීලි යන මහත්මීන් විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .



















