හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර අංශය හා එක්ව සිටින කාන්තා ව්‍යවසායකයින් සදහා ආහාර කල්තබා ගැනීමේ ආහාර තාක්ෂණ පුහුණු වැඩමුළුවක් ඉකුත් 22 දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනේ සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්. කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන්.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි මාලිකා පෙරමුණආරච්චි මහත්මිය විසින් මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදි.
ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගීන් මෙම ආහාර තාක්ෂණික වැඩමුළුව සංවිධානය කරනු ලැබීය.



















