ශ්රී ලංකා සමාජ ආරක්ෂන මණ්ඩලය මගීන් ක්රියාත්මක කරනු ලබන සමාජ ආරක්ෂන විශ්රාම වැටුප් ක්රමයට කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් වැඩිම දායකත්වයක් ලබාදීමට කටයුතු කළ හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට හා වැඩිම මුදලකින් දායකත්වය ලබාදීමට කටයුතු කළ සංවර්ධන නිලධාරිනී එල්.ඩී.ඉරේෂා මහත්මියට දිරි දීමනා ප්රදානය ඉකුත් 28 දිනදී සිදුකෙරුනේ කොළඹ දිස්ත්රික් ලේකම් / දිසාපති ප්රදීප් යසරත්න මහතාගේ ප්රදානත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී .
හෝමාගම ප්රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා, හෝමාගම සහකාර ප්රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා,ගණකාධිකාරි පුබුදු කුරුප්පුඅච්චිගේ මහතා,හෝමාගම සහාකාර සැලසුම් අධ්යක්ෂ නිලංකා එස් සම්පත් මහත්මිය, හෝමාගම සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී තාරක වන්නිආරච්චි මහතා සහ හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

















