හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසැලේ 8 ශ්‍රේණි අංශයට අදාල පන්ති හතරක ( 4 ) සිසු දරුවන් සදහා කුසලතා පාදක කණ්ඩායම් ක්‍රියාකාරකම් සමගින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු 01 දිනදී සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක , තොරතුරු නිලධාරී චන්දිමා වීරක්කොඩි, මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ හා තොරතුරු සහකාර සුපුන් උදාන යන මහත්ම මහත්මීන්ගේ සම්පත් දායකත්වයෙන්.
පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයේ සහායද මෙම වැඩසටහනට හිමි විය.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා






















