හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  හෝමාගම ජනාධිපති විද්‍යාලයේ   8  ශ්‍රේණි අංශයට අදාල  සිසු දරුවන් සදහා  කුසලතා  පාදක  කණ්ඩායම්  ක්‍රියාකාරකම්  සමගින්  මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් අගෝස්තු  08  දිනදී  සිදුකෙරුනේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ ප්‍රියදර්ශනී රත්නායක , තොරතුරු සහකාර දුල්ෂානි මහානාම , මනෝ   විද්‍යාඥ භාග්‍යා අබේසිංහ ,  මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරී දිල්හාරා වරාගොඩ ,   තොරතුරු සහකාර සුපුන් උදාන හා නිවාරණ අධ්‍යාපන හා පුහුණු  අංශයේ  සංවර්ධන  නිලධාරී සුදාර ප්‍රියනාත්   යන මහත්ම මහත්මීන්ගේ  සම්පත් දායකත්වයෙන්.

ජනාධිපති  විද්‍යාලයේ  විදුහල්පති තුමා, උපදේශනය  පීළිබද  ආචාර්යය තුමිය ඇතුළු අංශ භාර   ආචාර්යය  මණ්ඩලයේ  සහායද  මෙම වැඩසටහනට හිමි විය.

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  බී.ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් මත කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ  අංශයේ  මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර  මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

Image00001HomagamaDrugPreventionProgram

Image00002HomagamaDrugPreventionProgram

Image00003HomagamaDrugPreventionProgram

Image00004HomagamaDrugPreventionProgram

Image00005HomagamaDrugPreventionProgram

Image00006HomagamaDrugPreventionProgram

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top