හෝමාගම පුාදේශීය ලේකම් කොට්ඨාසයේ හෝමාගම බටහිර වසමේ කාන්තාවන් වෙනුවෙන් ආහාර සුරක්ෂිතතාවය පිළිබද ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් ඉකුත් නවවෙනිදා (9) පවත්වනු ලැබූයේ හෝමාගම බටහිර පුරාණ විහාරස්ථානයේ දී.
ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පුහුණු වැඩ සටහන විද්‍යා හා තාක්ෂණ නිලධාරි විසින් ද ව්‍යවසායකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහන ක්ෂේත්‍ර සම්බන්ධීකාරක නිලධාරි විසින් ද සිදු කරනු ලැබුවා .
හෝමාගම බටහිර වසමේ සංවර්ධන නිලධාරි හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් විසින් සංවිධානය කල මෙම වැඩසටහනට
අමුද්‍රව්‍ය ලබාදීමට දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම බටහිර "සිතමු" කාන්තා ගොවි සමිතිය විසින් .



















