හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවත්තුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන සාමාජිකයින් ඇතුළු ප්‍රජාව වෙත ආරවුල් , ගැටුම් හා මතභේද නිසා අවපීඩනයෙන් සිටින පවුල් සදහා සාමකාමී සමාජයක අගය හා ආරවුල් නිරවුල්කරණයට සමථකරණයෙන් ලැබෙන සහාය සම්බන්ධීකරනයෙන් සමථ සංවර්ධන නිලධාරී කේ.ඩී.හිමාලි කටුගම්පල මහත්මියගේ සම්පත්දායකත්වයෙන් ද අපනයන ක්‍රියාවලිය හාදැනට අපනයන මට්ටමින් පවත්වාගෙන යන ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම සම්බන්ධව අපනයන සංවර්ධන නිලධාරී ලිමාලි ගුණරත්න මහත්මියගේ සම්පත්දායකත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දහසය ( 16 ) වෙනිදා සිදුකෙරුනේ මූණමලේවත්ත සුබෝධාරාම විහාරස්ථානයේදී .
කිරිවත්තුඩුව උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරී නිශාන්ත පරණමාන්න මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.


















