හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙරලියාවල ග්‍රාම නිලධාරී වසමේ කාන්තාවන් වෙනුවෙන් අහාර සුරක්ෂිතාවය පිලිබඳ පුහුණු වඩමුළුවක් අගෝස්තු දහහත් (17 ) වන දින හෙරලියාවල සුදර්මාරාම විහාරස්ථානයේදී පවත්වන ලද්දේ විදාතා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණආරච්චි මහත්මියගේ හා ව්‍යවසායකත්වය පිළිබද දැනුවත් කිරීම විදාතා ක්ෂේත්‍ර සම්බන්ධිකාරක නිලධාරී මහේෂ් මුදලිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් .
හෙරලියාවල වසමේ සංවර්ධන නිලධාරිනී කේ. වී. චමරි නිල්මිනි, ග්‍රාම නිලධාරිනී නාමලී ජයකොඩි හා සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සනෝජා ගුණසේකර යන නිලධාරී මහත්මීන්ගේ සංවිධානයෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය .




















