හෝමාගම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම නිලධාරීන් සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ සාකච්ඡාවක් පසුගිය 22 දිනදී හෝමාගම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේදී සිදුකලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ උපදේශන සහකාර ( බාහිර සේවා) පී.ඒ.එන්.පද්මසිරි, සංවර්ධන නිලධාරී ගිෂානි උමේගා ,මත්ද්‍රව්‍ය නිවාරණ සහායක දිනේෂ් ප්‍රියසාද් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන්.
මෙහිදී , 1927 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ප්‍රචාරණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා සෘජුව සම්බන්ධ විය හැකි තොරතුරු ඇතුළත් දැන්වීම් පත්‍රිකාවක් බෙදා දීම සිදු කරන ලදී.
.



















