හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදනවත්ත හා ප්රසන්නපුර ග්රාම නිලධාරී වසම්හි කාන්තා කාර්යය සංවිධාන සාමාජිකාවන් සදහා පහන්තිර සෑදීමේ පුහුණු වැඩසටහනක් අගෝස්තු 30 දිනදී එම ග්රාම නිලධාරී වසම්හි දී පවත්වන ලදී .
පවතින ආර්ථික අපහසුතා මැද ස්වයං රැකියා ඉලක්ක වෙත නිවසට වී සිටින කාන්තාවන් සමීප කරවීම මෙහි එක් අරමුණක් විය.
මේ සදහා සම්පත් දායකත්වය තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ ඉමල්කා මහත්මිය විසින් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට ග්රාම නිලධාරි තුමිය, සංවර්ධන නිලධාරි තුමිය සහභාගි විය.
ප්රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනිය හා වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර නිලධාරිනිය මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලදී.























