හෝමාගම කහතුඩුව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයට සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් සදහා මත්ද්‍රව්‍ය ගැටලු ආශ්රිත දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ඵලදායිතා ක්‍රියාවලිය සම්බන්ධ සහ සාකච්ඡාවක් පසුගිය විසිනම (29 ) වෙනිදා කහතුඩුව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.
මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු දැනුම් දීමට 1927 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ප්‍රචාරණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා සම්බන්ධ විය හැකි තොරතුරු ඇතුළත් දැන්වීම් පත්‍රිකාවක් බෙදා දීමද සිදු කල අතර මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශන සහ බාහිර සේවා නිලධාරි (මත්ද්‍රව්‍ය ) පී.ඒ.එන්. පද්මසිරි මහත්මියද ඵලදායිතා ක්‍රියාවලිය පිළිබද ඵලදායීතා නිලධාරිනී කමනි ඩයස් මහත්මියද සිදු කරන ලදී.
මෙම වැඩසටහනට සංවිධාන සහාය සංවර්ධන නිලධාරි ගිෂානි උමේංගා මහත්මිය විසින් ලබා දෙන ලදී.



















