හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රාහ්මණගම " සදීනා" වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සුරුකීමේ පදනම මගීන් අඩුආදායම්ලාභී පවුල් පනස් දෙනෙකු ( 50) සදහා වියළි ආහාර මළු ලබාදීමක් හා පැදුරු සාජ්ජයක් කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් ඉකුත් දෙවන ( 2 ) දින සදීනා වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී සිදුකෙරින.
කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ අදහසකට අනුව මෙම සත්කාරය ක්‍රියාවට නැංවුනි.
සදිනා වැඩිහිටි පදනම සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමාජ සේවා අංශයේ පූර්ණ දායකත්වයෙන් මෙම වැඩසටහන සිදු කරන ලදී .



















