හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාගොඩ පරාක්‍රම ජාතික පාසලේ පාසැලේ 12 හා13 ශ්‍රේණි වල සිසු දරුවන් සදහා කුසලතා පාදක මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය පහ (5) දින අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිවාරණ අධ්‍යාපන හා පුහුණු අංශයේ සුපුන් උදාන මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.
පුනුරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ කොළඹ දිස්ත්‍රික් පුනුරුත්ථාපන වුවන්ගේ ආර්ථික සමාජීය හා සුබ සාධන කටයුතු කාර්යාලයේ ලුතිනන් කර්නල් කැකුළු මයාදුන්න මහතා ඇතුළු නිලධාරීන් පරාක්‍රම විද්‍යාලයීය උපදේශනය අංශය භාර ගුරුතුමා ඇතුළු ආචාර්යය මණ්ඩලයද මෙම වැඩසටහනට සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහායක රෂි ප්‍රභා වෙල්ගෙදර මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.




















