හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තාවන් ස්වයං රැකියා අවස්ථාවන් වෙත යොමු කිරීමේ අරමුණ පෙර දැරිව 'සබන් ' නිෂ්පාදන පුහුණු වැඩසටහනක් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී 2022.09.07 වන දින පවත්වන ලදී.
ප්රාදේශිය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට කාර්යාලයීය ක්ෂේත්ර නිලධාරී අංශයේ නිලධාරීන්ගේ ද සහායද මීට ලැබුණි.
ප්රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනිය හා වනිතා සංවර්ධන ක්ෂේත්ර සහකාර නිලධාරිනිය මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලදී.




















