හෝමාගම ගලවිලවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ හිටපු සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සරෝජනී අල්විස් මහත්මියගේ මූලිකත්වයෙන් පැවති 2019 වසරේ පැවැත්වු දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහන තුලින් උපයා ගන්නා මුදලින් අඩුආදායම්ලාභී පවුල් වල පාසැල් අධ්‍යාපනය ලබන දරු දැරියන් දහනම දෙනෙකු ( 19 ) සදහා පාවහන් වවුචර් පත් ලබාදීමක් හා පවුලේ පෝෂණය , වර්තමාන ආර්ථික ව්‍යසනය හමුවේ පවුලේ සියළු සාමාජිකයින් එක්ව පවුලේ ආර්ථික සැලැස්ම සකස් කරගන්නා ආකාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.09.09 දින ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි ශාලාවේදී පැවැත්වුනි.
දැනුවත් කිරීමෙි වැඩසටහනට සම්පත් දායකත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන සහකාර ටෙරන්ස් අතුකෝරල මහතා විසින් ලබාදෙන ලදී.
ගලවිලවත්ත උතුර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී රූපිකා කුමාරි හෙට්ටිආරච්චි මහත්මිය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.























