හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආටිගල නැගෙනහිර හා ආටිගල බටහිර ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් ජංගම සේවා වැඩසටහනක් 2022.09.15 දින ආටිගල ශ්‍රී සුනන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගීන් මහජනතාව වෙත ඉටු කරනු ලබන සේවාවන් ලබාදීම, ආයුර්වේද වෛද්‍ය සායනය පැවැත්වීම, ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් රෝද පුටු ලබාදීම, විවාහ නොවු පවුල් පහක් වෙනුවෙන් විවාහ සහතිකය ලබා දීම, එළවළු පැල බෙදාදීම , ගෙවතු වගාව පිළිබද පොත් ප්රදානය , ක්ෂ්‍රේත්‍ර නිලධාරීන්ගේ කාර්යයන් හා බැදුනු ප්‍රජාවට ලබාදිය හැකි උපදෙස් ලබා දීම , දේශීය හා විදේශීය රැකියා අවස්ථාවන් සදහා සම්මුඛ පරීක්ෂන ඇතුළු සේවාවන් හා වැඩසටහන් රැසක් මෙහිදී පවත්වන ලදි.
ආටිගල ශ්‍රී සුනන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පානළුවේ රතනසාර හිමි, ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් දිල්රුක්ෂි මහත්මිය , කෘෂි ,පොල් සංවර්ධන ඇතුළු වෙනත් රාජ්‍ය අංශ වල නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සියළු ක්ෂේත්‍ර හා අනෙකුත් අංශ වල නිලධාරීන් හා ආටිගල නැගෙනහිර ,බටහිර ග්‍රාම නිලධාරී වසම්හි ක්ෂෙත්ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම සහභාගී වූහ .
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් , ආටිගල නැගෙනහිර /බටහිර ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායම හා ප්‍රජාවගේ දායකත්වයෙන් මෙම ජංගම සේවා වැඩසටහන සංවිධානය කරන ලදී.






























