හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හැරගිය දරුවන් සදහා වෘත්තීය සංවර්ධන වැඩසටහනක් 2022 .09.20 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරිනියන් වන එරන්දතී රන්දෙණිය හා තුෂාරි අනුරුද්ධිකා යන මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන ට හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්යක්ෂ කල්‍යාණි විදානගේ මහත්මිය ද කාර්මික විද්‍යාලය_හෝමාගම, නයිටා ආයතනය,වෘත්තීය පුහුණු අධිකාරිය, නිපුණතා නිලධාරීන්,විදේශ රැකියා නිලධාරීන්ගේ හා ආයතනයන්හි සහායද මීට ලබාදී තිබුණි .
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.




















