හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි සමාජ සංවර්ධන  අංශයත හා නාවලමුල්ල  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය  එක්ව සංවිධානය කල  " එක්දින නායකත්ව  පුහුණු  කදවුර"  නාවලමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේදී ඔක්තෝම්බර්  පළමු  වන දින පවත්වන ලදී.

 

මෙදින  පැවැත්වූ වැඩසටහන්

  1.  ශාරීරික සුවතා සහ කණ්ඩායම් ගත කිරීම හා ක්‍රියාකාරකම් - සම්පත්දායකත්වය  - ක්‍රීඩා  උපදේශක  සුමිත්  ප්‍රියන්ත  මහතා
  2. ළමා සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සදහා ළමා යුතුකම්  හා වගකීම්  - සම්පත්දායකත්වය - දේශීය වෛද්‍ය  ජී.පාණ්ඩිත්පෙරුම මහතා
  3. නිරිමාණාත්මක කුසලතා සංවර්ධන වැඩසටහන - සම්පත්දායකත්වය - සංස්කෘතික නිලධාරිනී  තිසරු  කෝට්ටගේ මෙනවිය
  1. ළමා ආරක්ෂාව - සම්පත්දායකත්වය - මීගොඩ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂක  එම්.ඩී.පේමරත්න මහතා සහ පොලිස් කොස්තාපල් සුරංග පෙරේරා මහතා
  2. "අපි නායකයෝ " නායකත්ව හා පෞරෂ වර්ධනය සම්පත් දායකත්වය - උපදේශන නිලධාරී  ටෙරන්ස් අතුකෝරල  මහතා

       6. කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ගිනිමැල සංදර්ශනය සදහා  සූදානම් වීම - සම්පත්දායකත්වය  තරුණ සේවා නිලධාරීන් වන නීල් කත්‍රිආරච්චි මහතා  හා නීල්  නන්ද  පෙරේරා මහතා

කොළඹ   සහකාර දිස්ත්‍රික් ලේකම්  නදීෂා දර්ශණී  මහත්මිය , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ  අශෝක කුමාර  මහතා , මීගොඩ ප්‍රජා මූල බැංකු කළමනාකාරු  ඒ.ආර්.රූපසිංහ මහතා, දිස්ත්‍රික්  සමාජ සංවර්ධන කළමණාකරු මොහාන් පෙරේරා මහතා හා සමාජ සංවර්ධන  නිලධාරී බුද්ධික මහතා , සමාජ සංවර්ධන සහකාර නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග  මහත්මිය  හා මීගොඩ කලාපයේ  සමෘද්ධි සංවර්ධන නිලධාරීන්  මෙම වැඩසටහන  සදහා  සම්බන්ධ  වූහ.

නාවලමුල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන්  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ  හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ  සහයෝගයෙන්  මෙම නායකත්ව එක්දින පුහුණු කදවුර  සංවිධානය කරන ලදී .

Image00001OneDayleadershipTrainingCamp

Image00002OneDayleadershipTrainingCamp

Image00003OneDayleadershipTrainingCamp

Image00004OneDayleadershipTrainingCamp

Image00005OneDayleadershipTrainingCamp

Image00006OneDayleadershipTrainingCamp

Image00007OneDayleadershipTrainingCamp

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top