කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දිසාපති ක්‍රීඩා තරගාවලියේ කඹ ඇදීමේ තරගය පසුගිය පළමු වනදා හෝමාගම මීගොඩ මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
එහි සංවිධාන කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී.චින්තක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත කාර්යාලයීය කාර්යය මණ්ඩල විසින් සිදු කරන ලදී.
කඹ ඇදීමේ පිරිමි ශුරතාවය තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම ද
අනු ශුරතාවය කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම විසින් ද දිනාගන්නා ලදී.
කාන්තා තරගයේ ශුරතාවය මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම ද
අනු ශුරතාවය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම විසින් ද දිනා ගන්නා ලදී.














