හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් විසින් හය වන වරටත් පවත්වන ලද ලේ දන් දීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් තුන්වන දින(03) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී වැඩසටහනේ අරමුණ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් තුමා විසින් කරුණු පැහැදිලි කරන ලදී .සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතා,සහකාර අධ්‍යක්ෂක සැලසුම්, ගණකාධිකාරි, නාරාහෙන්පිට ලේ දන් දීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය ලසිත් විජේකෝන් මැතිතුමා සහ හෙද නිලධාරීන්,මහජන සෞඛ්‍යපරීක්ෂක හා සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.














