ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරමින් හෝමාගම කොට්ඨාසයේ පනාගොඩ නගරය ග්‍රාම නිලධාරී වසමේ වැඩිහිටියන් උදෙසා දිවා ආහාරය හා සමෘද්ධි කැකුළු ළමා සමාජ දූ දරුවන් වෙනුවෙන් පහලොස් දෙනෙකු (15 )පාසැල් පාවහන් වවුචර් පත් ලබාදීම ඔක්තෝම්බර් මස තුන (3) දිනදී පනාගොඩ නගරය ප්‍රජා ශාලාවේදී සිදුකරන ලදී.
පනාගොඩ ග්‍රාම නිලධාරී ධම්මිකා කරුණාරත්න මහතා, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ජයන්ති මාලා මෙනවිය , සමාජ සංවර්ධන සහකාර නිලධාරීන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය හා චමිලා ජයතුංග මහත්මිය මෙම අවස්ථාවට එක්වූහ.
පනාගොඩ නගරය සමෘද්ධි සංවර්ධන නිලධාරිනී සරෝජනී අල්විස් මහත්මියගේ මූලිකත්වයෙන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මණ්ඩලය ඇතුළු සාමාජිකයින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














