හෝමාගම දකුණ ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් හෝමාගම දකුණ ග්‍රාමයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ උපදේශන සහකාර ( බාහිර සේවා) පී.ඒ.එන්.පද්මසිරි, සංවර්ධන නිලධාරී ගිෂානි උමේගා ,මත්ද්‍රව්‍ය නිවාරණ සහායක දිනේෂ් ප්‍රියසාද් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
මෙහිදී , 1927 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය ප්‍රචාරණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා සෘජුව සම්බන්ධ විය හැකි තොරතුරු ඇතුළත් දැන්වීම් පත්‍රිකාවක් බෙදා දීමද මෙදින සිදු කරන ලදී.
මෙම වැඩසටහන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී W.D.ජයවර්ධන මහත්මිය විසින් සංවිධානය කරන ලදී.














