2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් කටුවාන ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයක් ත්‍යාග ප්‍රදානය කටුවාන පිං බිම ශාලාවේදී ඔක්තෝම්බර් මස පළමු දින පවත්වන ලදී.
කටුවාන සමෘද්ධි සංවර්ධන නිලධාරිනී ප්‍රේමලතා ගමගේ මහත්මිය ප්‍රමුඛ කටුවාන ග්‍රාමයේ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ මූලිකත්වයෙන් හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරී මණ්ඩලයේ සහාය ඇතිව මෙම චිත්‍ර තරගාවලිය සංවිධානය කරන ලදී.














