පවතින ආර්ථික අපහසුතා සදහා කාන්තාවන් සදහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හදුන්වා දීමේ අරමුණින් "ආස්මී " සකස් කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් 2022.10.05 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මේ සදහා කොට්ඨාසයේ කාන්තා සමිතිවල සාමාජිකාවන් සහභාගී විය.
මෙම පුහුණුව සදහා සම්පත්දායකත්වය වටරැක කාන්තා කාර්ය සංවිධානයේ භාණ්ඩාගාරික භද්‍රා කාන්ති මහත්මිය විසින් ලබා දෙන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වනිතා සංවර්ධන නිලධාරිනියගේ හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනියගේ සම්බන්ධීකරනයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී .














