හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාඹුල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් වෙනුවෙන් ආහාර තාක්ෂණය පිලිබඳ පුහුණු වැඩමුළුවක් ඔක්තෝම්බර් හතර (4 ) වන දින විදාතා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණආරච්චි මහත්මියගේ හා විදාතා ක්ෂේත්‍ර සම්බන්ධිකාරක නිලධාරී මහේෂ් මුදලිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් මාඹුල්ගොඩ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී .
මාඹුල්ගොඩ ග්‍රාම නිලධාරී මහත්මිය මෙම අවස්ථාවට සහභාගී විය.
මාඹුල්ගොඩ සමෘද්ධි සංවර්ධන නිලධාරිනී කුසුම් කාමිනී දඹවින්න මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.














