පෙර පාසැල්  දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන්  පෙර පාසැල් දරුවන්  ඉලක්ක කරගනිමින්  උදෑසන පෝෂණ වැඩසටහන්    දීප ව්‍යාප්තව  ක්‍රියාවට නැන්වූ  වැඩසටහනට සමගාමීව  හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  ප්‍රාදේශීය වැඩසටහන  රිලාවල ග්‍රාම නිලධාරී වසමේ "සමාධි " හා "ලිට්ල් ලීඩර්ස් " පෙරපාසැල් දෙකෙහි  දරුවන් සදහා  උදෑසන ආහාරය ලබාදීම හා පෙර පාසැල් දරුවන්ගේ බර කිරීම  අද දින  (ඔක්තෝම්බර්  17) රිලාවල  ග්‍රාමයේදී  සිදුකෙරින.

 

මෙම අවස්ථාවට  රිලාවල  සුසීමාරාම  විහාරාධිපති සේදවත්තේ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ  , සමෘද්ධි ප්‍රජා මූල  බැංකු සමීති  කලමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය , පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මුල බැංකු කළමනාකාරු සංජීවනී වේවැල්වල මහත්මිය , සමාජ සංවර්ධන සහකාර නිලධාරිනියන්  වන කාන්තිකා හුලත්දූව  මෙනවිය හා චමිලා ජයතුංග  මහත්මිය ,රිලාවල ක්ෂේත්‍ර  රාජ්‍ය නිලධාරී කණ්ඩායම වන සමෘද්ධි සංවර්ධන නිලධාරී ,ග්‍රාම නිලධාරිනී තුමිය, සංවර්ධන නිලධාරිනී ,පවුල්  සෞඛ්‍ය සේවා  නිලධාරිනී තුමිය හා සමෘද්ධි  ප්‍රජා මූල  සංවිධානයේ  නිලධාරී මඩුල්ල  මෙම අවස්ථාවට සහභාගී විය.

රිලාවල සමෘද්ධි සංවර්ධන නිලධාරී එම් .ඩී. තුසිත සමන්  මහතාගේ  මූලිකත්වයෙන්  මෙම  වැඩසටහන  සංවිධානය කරනු  ලැබීය .

Image00001NutrisionProgramRilawalaDivision

Image00002NutrisionProgramRilawalaDivision

Image00003NutrisionProgramRilawalaDivision

Image00004NutrisionProgramRilawalaDivision

Image00005NutrisionProgramRilawalaDivision

Image00006NutrisionProgramRilawalaDivision

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top