2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් හෝමාගම බටහිර සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයක් හෝමාගම පුරාණ විහාරස්ථ දහම් පාසැල් ශාලාවේදී පසුගියදා පවත්වන ලදී.
දරුවන් ඉතිරි කිරීම සදහා හුරුකරවීම අරමුණ කර ගනිමින් ච්ත්‍ර තරගයට සහභාගී වූ සියලුම දරුවන්ට ඉතුරුම් කැට ලබාදීමද චිත්‍ර තරගයේ ත්‍යාග පිරිනැමීම ද පැමිණි සිටි සියළු දෙනා වෙත අයිස් ර් ක්‍රීම් ලබාදීමද මෙදින සිදුකරන ලදී.
හෝමාගම බටහිර සමෘද්ධි සංවර්ධන නිලධාරී සුරාජ් සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














