ඔක්තෝම්බර් දහසය (16 ) වෙනි දිනට යෙදුන ලෝක ආහාර දිනය තේමා කරගනිමින් " ආහාර සුරක්ෂිතතාවය හා දේශීය ආහාර ප්‍රවර්ධනය " යන මැයෙන් දේශීය ආහාර පාන සකස් කිරීමේ වැඩසටහනක් රිලාවල ග්‍රාමයේ ප්‍රජාව වෙනුවෙන් ඉකුත් විසිවෙනි දින ( 20 ) රිලාවල "සැනසුම් සෙවන " ප්‍රජා ශාලාවේදී හෝමාගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් වන නිශාන්ත දිලිප් ගිනිගේ මහතාගේ හා අනෝජා නිශාලි හේරත් මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.
රිලාවල ග්‍රාම නිලධාරිනී , සමෘද්ධි සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන නිලධාරීන්ගේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරිනී (දේශීය වෛද්‍ය ) ජී.වී.නිලන්ති හා ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරිනී රසිකා දමයන්ති යන මහත්මීන්ගේ සම්බන්ධීකරනයෙන් රිලාවල සංවර්ධන නිලධාරිනී ඒ.ඩී.ලලනි චන්දිමා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී .














