හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාවේ වෛද්‍යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද ආයුර්වේද වෛද්‍ය සායනයක් 2022.10.23 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කහතුඩුව නැගෙනහිර වසමේ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
මේ සඳහා සියයකට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එහිදී ඔවුන් පරීක්ෂා කර බලා ප්‍රතිකාර ලබා දීමක් සිදුවිය.
ග්‍රාම සංවර්ධන නිලධාරී ප්‍රභාත් දේවප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් "සිරිලිය" ග්‍රාම සංවර්ධන කාන්තා සමිතිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
සම්බන්ධීකරණය සංවර්ධන නිලධාරි (දේශීය වෛද්‍ය) ජී.වී. නිලන්ති මහත්මිය විසිනි.
මෙම වැඩසටහන සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරි (මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන) ගිශානි උමේංගා මහත්මියද සහභාගි වන ලදී.














