ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ කාන්තාවන් ආර්ථික ජිවනෝපායන් වෙත යොමු කිරීමේ අරමුණින් තෝරාගත් ප්‍රතිලාභී කාන්තාවන් 25 කගේ අවශ්‍යතා හා ශක්‍යතා හඳුනා ගැනීමේ හමුවක් 2022.10.28 වන දින සුවපුබුදුගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් හා ප්‍රජාව ඉලක්ක කර ගනිමින් පවත්වන ලදී.
Life for all foundation සංවිධානය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ස්වයං රැකියා ගැන්වීම්, සනීපාරක්ෂක පහසුකම්, ආර්ථික අපහසුතා ඇති පවුල්වල ළමුන් සදහා අධ්‍යාපන පහසුකම් සැළසීම වැනි කරුණු යටතේ ව්‍යාපෘති සකස් කොට ක්‍රියාත්මක කිරිම මෙම වැඩසටහනෙහි තවත් අපේක්ෂාවක් විය.
එසේම , සුවපුබුදුගම වසම මෙම ව්‍යාපෘතියේ මොඩියුලය ලෙස සකස් කර කොට්ඨාසය පුරා එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වේ.
සුවපුබුදුගම සංවර්ධන නිලධාරිතුමියගේ සංවිධානයෙන් සුවපුබුදුගම සේවා පියසෙහිදී පවත්වන ලද මෙම වැඩසටහනෙහි සංවිධානය හා සම්බන්ධීකරණය වනිතා සංවර්ධන නිලධාරී/ වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර විසින් සිදුකරන ලදී.














