පවතින ආර්ථික හා සමාජීය ගැටලු හමුවේ ආරවුල් වලින් තොර සාමකාමී සමාජයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම, ඉන් ලැබෙන මානසික සුවය ඇතුළුව සමථකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕවිටිගම ග්‍රාම නිලධාරී වසමේ දී, සමථ සංවර්ධන නිලධාරී තුමිය විසින් 2022.11.10 වන දින කාන්තා සමුපකාර සමිති සාමාජිකයින් සඳහා සිදු කෙරුණි.
එසේම එම වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී සමඟ හඳුනාගත් පවුල්වල නිවසින් නිවසට ගොස් සමථකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමක් කරන ලදී. තවද ග්‍රාම නිලධාරී ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර සමථ මණ්ඩලයට ආරවුල් යොමු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මීට අමතරව වසමේ හඳුනාගත් අපනයන මට්ටමට ළඟා විය හැකි ව්‍යාපෘති සම්බන්ධව නිරීක්ෂණ කර, තොරතුරු එක්රැස් කිරීමක් ද අපනයන සංවර්ධන නිලධාරීතුමිය විසින් සිදු කරන ලදී.
ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය විසින් මෙහි සංවිධාන කටයුතු සිදු කරන ලදී.














