අනාගත ලොවෙහි හිමිකරුවන් ලෙස දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ හෙට දවස වඩාත් සුරක්ෂිත සහ සුවදායීව ගොඩනැගීම කාලෝචිත අවශ්‍යතාවයකි. එකී අරමුණද සහිතව ඔවුන්ගේ සෞඛ්‍ය නගා සිටුවීම,පෞරුෂත්ව සංවර්ධනය කිරීමද මත්ද්‍රව්‍ය භාවිතය, ජංගම දුරකථන ඇබ්බැහිය ආදී ගැටලු හඳුනාගනිමින් ඒවා වැළැක්වීම මෙන්ම යහපත් සෞඛ්‍ය රඳා පවත්වා ගැනීම ආදී කාරණාවන් අරමුණු කොට ගනිමින් මෙම වැඩසටහන 2022-11-11 වන දින දී පවත්වන ලදී.
ජල්තර දම්සෙත් විදුහලේදී පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය ) විසින් සිදු කරන ලද අතර කාර්යාලයීය උපදේශන නිලධාරී සමන්ත අරඹේගම මහතා විසින් මේ සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.
ජල්තර දම්සෙත් විද්‍යාලයේ ඉගනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කොටගෙන පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා ජල්තර වසමෙහි සංවර්ධන නිලධාරී ක්‍රිෂාන් මුණසිංහ මහතාද සහභාගී විය.














