හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිගම්පමුණුව ග්රාම නිලධාරී වසමෙහි ළමා සමාජ පිහිටුවීම සහ දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-11-14 වන දින කිරිගම්පමුණුව පැරණි පාසල් පරිශ්රයේදී පැවැත්විණි.
කිරිගම්පමුණුව කාන්තා සමිති සාමාජිකාවන්, දෙමාපියන් සහ දරුවන් මෙම වැඩසටහන සඳහා සහභාගීවුනු අතර පවතින ආර්ථික ආර්බුධකාරි තත්වය තුළ දෙමාපිය කාර්යභාරය හා යහපත් දෙමාපිය භාවය දරුවන්ගේ සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී පිරිස දැනුවත් කිරීම සිදුකරන ලදී.
කිරිගම්පමුණුව වසමෙහි සංවර්ධන නිලධාරී සහ කාන්තා සමිති සාමාජිකාවන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරිනිය විසිනි.














