සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ මූලිකත්වයෙන් ලෝක දියවැඩියා දිනයට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-11-14 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

බෝනොවන රෝගයක් ලෙස ලොව පුරා ජනතාව තුළ වැඩිවශයෙන් දක්නට ලැබෙන දියවැඩියා රෝගය පිළිබඳ හඳුන්වාදෙමින් ,  එය පුද්ගල නිරෝගීභාවය සඳහා එල්ලකරනා අයහපත් බලපෑම්ද ඉන් මිදීමට සහ දියවැඩියා තත්වය  පාලනයට දේශීය ආහාර පාන ,  එළවළු , පළතුරු , දේශීය අලවර්ග,ධාන්‍ය සහ සහල් භාවිතා කළ හැකි ආකාරය  පිළබඳ මෙහිදී  දැනුවත් කිරීම සිදුකරන ලදී.

 හෝමාගම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය,හෝමාගම ආයුර්වේද සංරක්ෂණ සභාව විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලදී.

 හෝමාගම ප්‍රාදේශීය  ලේකම්තුමා ,  සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රධාන  මාණ්ඩලික නිලධාරී සහ ක්ෂේත්‍ර නිලධාරීන් ,සංවර්ධන නිලධාරීන් ඇතුළු ආයතනික නිලධාරීන්  සහභාගී වූ මෙම වැඩසටහනෙහි සංවිධානය සහ සමබන්ධීකරණ කටයුතු දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී තුමිය විසින් සිදුකරන ලදී.

Ahealthpromotion

Ahealthpromotion 2

Ahealthpromotion 3

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top