හෝමාගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ 595 හෙරලියාවල ග්රාම නිලධාරි වසමෙහි කාන්තා කාර්ය සංවිධාන ප්රතිසංවිධානය කිරීම 2022.11.17 වන දින ශ්රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරුණි.
මෙම වැඩසටහනට සමගාමිව පවතින ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් , කාන්තාවන් ස්වයං රැකියාවන් වෙත යොමු කිරීමේ අරමුණින් වෙළදපොළ ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් ද පවත්වන ලදී.
තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ අධිපති ඉමල්කා මහත්මියගේ සම්පත්දායකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන ග්රාම නිලධාරි, සංවර්ධන නිලධාරිගේ ප්රධානත්වයෙන් සහ සහයෝගය යුතුව
වනිතා සංවර්ධන නිලධාරී/වනිතා සංවර්ධන ක්ෂෙත්ර සහකාර යන නිලධාරී මහත්මීන් විසින් සංවිධානය සහ සම්බන්ධීකරණය කරන ලදී.














