ප්‍රාදේශීය ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ දියගම බටහිර ග්‍රාම නිලධාරී වසමේ අවුරුදු 35 ත් 65 ත් අතර ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පසුගියදා (16 ) දියගම බටහිර කුරුදුවත්ත ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී .
වෑතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් හා දියගම බටහිර කාන්තා සමීති සාමාජිකාවන් ගේ සහාය ඇතිව සංවර්ධන නිලධාරී මිහිලා සුරංගනී විජේසේන මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.














