පෙර පාසල් සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යොදා ගනිමින් සිදුකරන ලද වැඩකටයුතු පරීක්ෂාවක් 2022.11.17 වන දින සිද්දමුල්ල පිපෙන කැකුළු පෙර පාසලේදී සිදුවිය.
මෙහිදී හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මුල් ළමාවිය සංවර්ධන අංශය විසින් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
මීට ඉහතදී දෙමාපියන් හා ගුරුවරුන් සාකච්ඡා කරගෙන තිබූ පරිදි පෙර පාසල් දරුවන්ගේ උපන්දිනය වෙනුවෙන් දරුවන් සඳහා පෝෂදායි දිවා ආහාර වේලක් ලබාදීම ක්‍රියාත්මක වන අයුරු මෙහිදී දක්නට ලැබුණි.














