හෝමාගම ගලවිලවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජයේ දරු දැරියන් වෙනුවෙන් ලෝක ළමා දිනයදා පැවැත්වූ චිත්‍ර තරගාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය හා චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් දහඅට (18 ) දින ගලවිලවත්ත උතුර සුනිල් පෙරුම්බුලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ත්‍යාග සපයා ගැනීම සදහා අවැසි සහාය ගලවිලවත්ත උතුර ග්‍රාම නිලධාරිනිය, සංවර්ධන නිලධාරිනිය හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් අතර සමෘද්ධි සංවර්ධන නිලධාරිනී රූපිකා කුමාරි හෙට්ටිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කරන ලදී .





















