හෝමාගම   ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත්  වටරැක දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  ප්‍රජාව වෙනුවෙන්  බටහිර  වෛද්‍ය  සායනයක්  ඉකුත් දහනම වෙනි දින (19)  වටරැක දකුණ  සේවා පියසේදී පවත්වනු ලැබූයේ  හෝමාගම   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයීය  සෞඛ්‍ය  කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් .

 

මෙහිදී උසට සරිලන බර මැනීම, සුවනාරි සායනය, දන්ත සායනය, රුධිරයේ කොලෙස්ටරෝල් පරික්ෂාව, රුධිරයේ සීනි පරික්ෂාව  හා මානසික වෛද්‍ය සායනය  පවත්වන ලද අතර 150 කට අධික පිරිසක්  වෛද්‍ය සායනයෙන් සේවාවන්  ලබාගන්නා ලදී.

 වටරැක දකුණ  ග්‍රාම නිලධාරී නිල්මිනි ප්‍රියදර්ශනී කුලරත්න , සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික කරුණාරත්න   ආර්ථික සංවර්ධන නිලධාරි  ටී.ඩී.ඉරේෂා ,  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි දිස්නා හා  මහජන සෞඛ්‍ය පරික්ෂක යන මහත්ම  මහත්මීන්ගේ  පූර්න කැපවීම හා  සහයෝගය මත  මෙම වැඩසටහන  සංවිධානය කරන ලදී.

health medical clinic

health medical clinic 2

health medical clinic 3

health medical clinic 4

health medical clinic 5

 

 

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top