ව්‍යාපාරික දැනුම ලබාදීම හා ව්‍යවසායකයින්ගේ පුද්ගල දිවියට සාධනීය අත්වැලක් සැපයීම අරමුණු කොටගෙන සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-11-22 වන දින හෙරලියාවල ශ්‍රී සුධර්මාරාමය විහාරස්ථානයේ දී පැවැත්විණ.
මෙම වැඩසටහන සඳහා හෙරලියාවල හා අම්බලන්ගොඩ යන වසම් දෙකෙහි ව්‍යවසායකයින් හා ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස සහභාගි කර ගන්නා ලදී.
* කුඩා ව්‍යාපාර සංවර්ධනය
* ව්‍යාපාර ඵලදායිතාව
* අපනයන සංවර්ධනය
* සමාජ ආරක්ෂණය
යන විෂයන් යටතේ දැනුවත් කිරීමක් මෙහිදී සිදුවිය.
මේ සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ඵලදායිතා සංවර්ධන අංශය, අපනයන සංවර්ධන අංශය සහ සමාජ ආරක්ෂණ අංශය නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් සම්පත්දායකත්වය ලබාදුන් අතර හෙරලියාවල වසමේ ග්‍රාම නිලධාරිතුමිය, සංවර්ධන නිලධාරිතුමිය, සමෘද්ධි නිලධාරිතුමිය හා අම්බලන්ගොඩ වසමේ ග්‍රාම නිලධාරිතුමිය, සංවර්ධන නිලධාරිතුමිය, සමෘද්ධි නිලධාරිතුමිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

















